
වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සoකේත අoකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සoකේත අoකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සoකේත අoකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App එක භාවිතා කරන්න පුලුවන්.
මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සoකේත අoකය ද නැතිනම් තැපැල් සoකේත අoකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.
භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
මේ මෙහි නිපැයුම්කරු ගැන....
නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 29 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths). නාරාහේන්පිට National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma ව හැදැරුවා. ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA වැනි International Certificates හා Computer Hardware, Networking, Ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා. වසර කීපයක සිටම පුද්ගලික ආයතන කීපයකම IT ක්ෂේස්ත්‍රයේ රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT Administrator ලෙස වැඩ කරමින් ඉන්නවා. පාසල් කාලයේ සිටම විවේක වේලාවක් ලැබුනොත් විනෝදාංශයක් ලෙස පොඩි Softwares හදනවා. පූර්න කාලීනවපසන් Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. ඔහුගේ මෘදුකාංග විවිධ Websites, Facebook, Forums, IT Magazine CDs හරහා ගොඩක් අය භාවිතා කරලා තියන බව ලැබෙන දහසකුත් ප්‍රතිචාර වලින් පෙනී යනවා.
0 comments:
Post a Comment